ගාලුමුවදොර විරෝධතා ව්‍යාපාරයේ නියෝජිතයින් අද කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සාකච්ඡාවක් පැවැත්වීය.
මාධ්‍යවේදීන් අමතමින් නියෝජිතයින් කියා සිටියේ ගාලු මුවදොර විරෝධතා ව්‍යාපාරයේ ප්‍රධාන ඉල්ලීම ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ සහ ඔවුන්ගේ රජය ඉල්ලා අස්විය යුතු බවයි.
මේ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට අපි අද විපක්ෂ නායකවරයා හමුවුණා.
ගාලුමුවදොර විරෝධතා ව්‍යාපාරයේ නියෝජිතයින් විසින් ඉදිරිපත් කර ඇති ක්‍රියාකාරී සැලැස්මට ඉදිරියෙන් තේරී පත්වන ඕනෑම රජයක් අවනත විය යුතු බවට ද ප්‍රේමදාස මන්ත්‍රීවරයාට දැනුම් දුන් බව ඔවුන් වැඩිදුරටත් පැවසීය.
සාකච්ඡාව පිළිබඳව අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ ගාලුමුවදොර විරෝධතා ව්‍යාපාරයේ නියෝජිතයින් නව ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය ප්‍රකාශ කළ බවයි.
තමන් හෝ තම පක්ෂය හෝ සන්ධානය මීට පෙර කිසිම අවස්ථාවක ගාලුමුවදොර විරෝධතා ව්‍යාපාරයේ නියෝජිතයන් පහත හෙළා නැති බව පැවසූ ප්‍රේමදාස මන්ත්‍රීවරයා ඉදිරියේදීද එසේ නොකරන බවට සපථ කළේය.