විභාග කොමසාරිස් ජනරාල් LMD ධර්මසේන මහතා පවසන්නේ , 2021 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නොවැම්බර් මාසයේ අවසානයේදී නිකුත් කිරීමට නියමිත බවයි.
සාමාන්‍ය පෙළ විභාගය පසුගිය මැයි මාසයේ දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3,844 කදී පැවැත්වුණා.
ඒ සඳහා පෙනී සිටි අපේක්ෂකයන් සංඛ්‍යාව 517,486 ක් වන අතර , ඉන් 407,129 ක් පාසල් අයදුම්කරුවන් වනවා.
එසේම, විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 590 දෙනෙකු ද විභාගය සඳහා පෙනී සිටියා.