5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (දෙසැම්බර් 18 වැනිදා) දිවයින පුරා විවිධ ස්ථාන 2894කදී පැවැත්වේ.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලු කටයුතු මේ වනවිට අවසන් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
තවද, විභාගය පෙරවරු 9.30 ට ආරම්භ වීමට නියමිත අතර මෙවර විභාගය සඳහා සිසුන් 334,698 දෙනෙකු පෙනී සිටීමට නියමිතය.
මේ අතර, විභාගයට පෙර තම දරුවන් අනවශ්‍ය ආතතියකට පත් නොකරන ලෙස විභාග කොමසාරිස්වරයා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේය.