ලබන වසරේ මාර්තු මාසයේ සිට ගෘහ සේවිකාවන් වශයෙන් විදේශ ගතකිරීම නතර කර , ඒ වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් උසස් ගෘහපාලන සහකාරවරියන් (Advance House Keepers) රැකියා සඳහා පිටත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, ජාත්‍යන්තර සංක්රමනික දිනය සැමරීම නිමිත්තෙන් ඊයේ (18) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති සැමරුම් උත්සවයකට එක්වෙමිනි.
මේ වසරේදී ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියා සඳහා පිටත්ව ගිය සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවා ගොස් ඇති බවත් ඉතිහාසයේ විදේශ රැකියා සඳහා වැඩිම පිරිසක් විදේශ ගතවූ වසර ලෙස මෙම වසර වාර්තා ගත වන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත්, සඳහන් කළේය.