ICC T20 ලෝක කුසලාන තරඟාවලියේ පළමු අවසන් පුර්ව තරඟය අද(10) අබුඩාබි ෂේක් සහිඩ් ක්‍රීඩාංගනයේදි පැවැත්වෙනවා.
ඒ එංගලන්තය හා නවසීලන්තය අතරයි.
මෙවර තරගාවලියේදී එංගලන්තය තරඟ වැදුනේ පළමු කාණ්ඩය යටතෙයි.
එම කාණ්ඩයේදී එංගලන්තය විසින් ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් පරාජයට පත් කළා.
කෙසේවෙතත් ඔවුන් ක්‍රීඩා කළ අවසන් තරඟය දකුණු අප්‍රිකානු කණ්ඩායම හමුවේ පරාජයට පත්වීම විශේෂත්වයක්.
එම තරඟයේදී එංගලන්ත ආරම්භක පිතිකරු ජේසන් රෝයි ආබාධයකට ලක්වුනා.
මෙය එංගලන්ත කණ්ඩායමට පිරිමැසිය නොහැකි පාඩුවක් වන අතර ඔහු T20 ලෝක තරඟාවලියෙන්ම මේවනවිට ඉවත්ව තිබෙනවා.
ඔහු වෙනුවට ජේම්ස් වින්ස් එංගලන්ත කණ්ඩායමට ආදේශක ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමට කැදවා තිබෙනවා.
නවසීලන්තය අවසන් පුර්ව තරඟයට සුදුසුකම් ලැබුවේ දෙවන කාණ්ඩයෙන්.
එහිදී නවසීලන්තය පාකිස්තානය හමුවේ පමණක් පරාජයට පත්වුනා.
එංගලන්තය විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියක අවසන් පුර්ව වටයට අවතීර්ණ වූ තුන්වන අවස්ථාව මෙය වන අතර 2010 වසරේදී ශුරතාවය දිනා ගැනීමට ඔවුන්ට හැකිවුණා.
එමෙන්ම නවසිලන්තය විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියක අවසන් පුර්ව වටයට ප්‍රවේශ වූ තුන්වන අවස්ථාවද මෙය වනවා.
වේග පන්දු යවන්නන්ට යම් වාසි සහගත බවක් ඇති අබුඩාබි තණතීරුවේ වාසිය ලබා ගන්නා කණ්ඩායමට අද තරඟය ජයග්‍රහණය කිරීමේ වැඩි අවස්ථාව පවතිනවා.
කෙසේවෙතත් ප්‍රබල ඉන්දීය කණ්ඩායමට මෙවර තරඟාවලියේදී සුපිරි 12 දෙනාගේ වටයෙන්ම ඉවත්වීමට සිදුවීම ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයින්ගේ දැඩි කතාබහකට ලක්වුණා.