අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය (TID) ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA) යටතේ මෙම ශිෂ්‍ය නායකයින් දෙදෙනා දින 60කට අධික කාලයක් රඳවා තබා ගෙන තිබෙනවා.
එසේම, කොළඹ පැවති විරෝධතාවයක් සම්බන්ධයෙන් ගල්වැව සිරිධම්ම හිමියන් අත්අඩංගුවට ගත් අතර ආරක්ෂක අමාත්‍යවරයා විසින් රඳවා තබන ලෙස නියෝග කර තිබෙනවා.