fbpx

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

ඉන්දීය සුපිරි නළු මම්මූටි ලබන සතියේ ශ්‍රී ලංකාවට

ඉන්දීය සුපිරි නළු මම්මූටි ලබන සතියේ ශ්‍රී ලංකාවට

ජනප්‍රිය ඉන්දීය සිනමා නළු මම්මූටි ලබන සතියේ චිත්‍රපට රූගත කිරීමක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කෙරේ.

මම්මූටි යන වේදිකා නාමයෙන් ජනප්‍රිය වූ මුහම්මද් කුට්ටි පනාපරම්බිල් ඉස්මයිල් මලයාලම් සුපර් ස්ටාර් ලෙස හැඳින්වේ.

මහනුවර කඩුගන්නාව ඇතුළු ස්ථාන හතරක රූගත කෙරෙන චිත්‍රපටයක රූගත කිරීම් සඳහා නළුවා ලබන සතියේ දින තුනක කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටින බව වාර්තා වේ.

ශ්‍රී ලංකා සංචාරක බලධාරීන් චිත්‍රපට නිෂ්පාදනයට අවශ්‍ය සහයෝගය ලබා දෙන බව වාර්තා වන අතර සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකා සංචාරක තානාපති ක්‍රිකට් ජනප්‍රිය සනත් ජයසූරිය ද ඔහු හමුවීමට නියමිතය.

සුපිරි නළු Mammootty මේ වන විට ඉන්දියානු චිත්‍රපට ක්ෂේත්‍රයේ දශක 5ක් සාර්ථකව සම්පූර්ණ කර ඇති අතර ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ චිත්‍රපට 400කට පමණ දායක වී තිබෙනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest