ත්‍රිකුණාමලය උපාය මාර්ගික වරායක් ලෙස සංවර්ධනය කිරීමේදී ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ එක්ව කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (14) පැවසීය.
මැතිවරණ ඉලක්ක කර ගනිමින් නොව අනාගත පරපුර වෙනුවෙන් දියත් කරන සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස මෙම පියවර යෝජනා කරන බව ජනාධිපති වික්‍රමසිංහ මහතා පැවසීය.
දිස්ත්‍රික්කය තවදුරටත් සංවර්ධනය කිරීමේ කොටසක් ලෙස ත්‍රිකුණාමල වරාය සහ තෙල් ටැංකි සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාව සමඟ එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ඔහු පැවසීය.
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදීමට ගත් තීරණයට එරෙහිව මතුව ඇති විරෝධතා පෙන්වා දුන් ජනාධිපතිවරයා එම යෝජනාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළේ නම් ශ්‍රී ලංකාවට ඉන්ධන අර්බුදයකට මුහුණ දීමට සිදු නොවන බවද ප්‍රකාශ කළේය.
දිවයිනේ 100 වැනි නිදහස සැමරීමට පෙර ශ්‍රී ලංකාව ත්‍රිකුණාමලය වරාය සහ ඊට යාබද තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කළ යුතු බව ජනාධිපති වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ‘සුර්බානා ජුරොං’ ප්‍රධාන සැලැස්ම පිළිබඳ දැනුවත් කිරීමේ හමුවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.