ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) ලියාපදිංචි කර ඇති සංචාරක වාහන අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කර ඇති බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද ප්‍රකාශ කළේය.
සංචාරකයින්ගේ ප්‍රවාහනය සහතික කරන ලෙස තමන් කළ ඉල්ලීමකට අනුව මෙම ප්‍රකාශය කර ඇති බව සංචාරක අමාත්‍යවරයා පැවසීය.
වැඩිදුර තොරතුරු අවශ්‍ය අයට සහය සඳහා සංචාරක හදිසි ඇමතුම් අංකය 1912 හෝ 0112 43775 ඇමතීමට හැකි බව ඔහු වැඩිදුරටත් පැවසීය.