fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, February 1, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, February 1, 2023

අදත් තැන තැන වැසි

අද දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් සමබර කාලගුණයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේ වෙතත් අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, ඌව, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය සති අන්තයේ දී තවදුරටත් තීව්‍ර වී ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට සමීප වීමට බොහෝ දුරට ඉඩ ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.

එබැවින් කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික ප්‍රජාවට ඉදිරි කාලගුණ අවවාද පිළිබඳ විමසිලිමත් වන ලෙස ඉල්ලා සිටියි.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.

 

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest