කරාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසික සහ බාහිර රෝගීන්ට අවශ්‍ය ප්‍රතිජීවක ඖෂධ හිඟයක් පවතින බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.
බාහිර රෝගී අංශයෙන් (OPD) ප්‍රතිකාර ලබා ගැනීම සඳහා දිනකට රෝගීන් දහසකට වැඩි පිරිසක් රෝහලට පැමිණෙන බවත්, එම ඖෂධ රෝගීන්ට නිකුත් කිරීමේදී කඩදාසි ආවරණයක් නොමැති බවත් ඔවුහු පැවසූහ.
ඖෂධ බෙදා හැරීම සඳහා කඩදාසි කවරයක් නොමැති බවට රෝහලෙන් දැනුම්දීමක් ද කර තිබෙනවා.
E.C.G එකතු කිරීමට ප්‍රමාණවත් කඩදාසි පටි නොමැති බව වාර්තා වේ.