fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, February 7, 2023

DIGITAL EDITION | TELEVION

Tuesday, February 7, 2023

උතුරු නැගෙනහිර මළ සතුන් රසායනාගාර පරීක්ෂණයට

උතුරු නැගෙනහිර පළාත් වල මියගිය එල ගවයන් හා මී ගවයින් මෙන්ම එළුවන් සම්බන්ධව රසායනාගාර පරීක්ෂණයක් පැවැත්වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙි.

පසුගිය දිනවල වාර්තා වු කාලගුණික වෙනස්කම් නිසා උතුරු හා නැගෙනහිර පළාත්වල මිය ගිය ගවයන් හා එළුවන් සංඛ්‍යාව දහස ඉක්මවන වන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශය පවසයි. මෙම සත්ව මරණ සම්බන්ධව වාර්තාවක් ලබා දෙන කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් දුන්නේය. ඉන්දියාවට බලපෑ සුළි කුණාටුවත් සමග නැගෙනහිර හා උතුරු වෙරළ තීරය ආශ්‍රිතව ඇති වු තද ශීතල කාලගුණික තත්ත්වය දරා ගැනීමට ‌ නොහැකිව මෙම සතුන් මිය යන්නට ඇතැයි විශ්වාස කරන නමුත් මෙම සතුන් වෙනත් වසංගත තත්ත්වයක් නිසා මිය ගියාද? යන්න තහවුරු කර ගැනීම සඳහා මරණයට පත් සියලු සතුන්ගේ සාම්පල මේ වනවිට පශු සම්පත් අංශය විසින් ලබා ගෙන පරීක්ෂණ සඳහා රසායනාගාර වෙත යවා ඇත.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest