fbpx

DIGITAL EDITION | TELEVION

Monday, February 6, 2023

DIGITAL EDITION | TELEVION

Monday, February 6, 2023

LPL ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනේ

LPL ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ ක්‍රියාවලිය ඊයේ (09) සිදුකෙරුණා.

මෙම ක්‍රීඩකයින් තෝරාගැනීම සිදුකෙරුණේ වීඩියෝ තාක්ෂණය ඔස්සේයි.

මෙවර LPL ක්‍රිකට් තරගාවලිය සඳහා ජැෆ්නා කිංග්ස්, කලම්බු ස්ටාර්ස්, ගෝල් ග්ලැඩියේටර්ස්, කැන්ඩි වොරියර්ස් සහ දඹුල්ල ජයන්ට්ස් යන කණ්ඩායම් තරග බිමට පිවිසෙනවා.

එහිදී තරගාවලියට සහභාගි වන කණ්ඩායම් පහේ ප්‍රධාන දේශීය ක්‍රීඩකයින් ලෙස තෝරාගැණුනේ තිසර පෙරේරා, ඉසුරු උදාන, දසුන් ශානක, දුෂ්මන්ත චමීර සහ චරිත් අසලංක යන ක්‍රීඩකයින්ය.

එම කණ්ඩායම්වල ප්‍රධාන විදෙස් ක්‍රීඩකයින් ලෙස ඉම්රාන් තාහීර්, ක්‍රිස් ගේල්, මොහොමඩ් හෆීස්, රෝමන් පවෙල් සහ ෆෆ් ඩුප්ලෙසීස් යන ක්‍රීඩකයින් තෝරාගෙන තිබේ.

ඊට අමතරව තබ්රේස් ශම්සි, මොහොමඩ් අමීර්, රයිලි රූසෝ, ෂොයිබ් මලික්, නජිබුල්ලා සද්‍රාන්, සෆ්රාස් අහමඩ් සහ වහාබ් රියාස් ඇතුළු විදෙස් ක්‍රීඩකයින් රැසක් මෙවර තරගාවලිය සඳහා එක්වෙති.

නමුත් වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ අත්දැකීම් බහුලම ක්‍රීඩකයින් වන ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා සහ ධනංජය ද සිල්වා යන ක්‍රීඩකයින්ව කිසිඳු කණ්ඩායමක් විසින් තෝරා නොගැනීම විශේෂත්වයකි.

ඊට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ තරුණ ක්‍රීඩකයින් වන අකිල ධනංජය, ප්‍රවීන් ජයවික්‍රම, සදීර සමරවික්‍රම සහ මිනෝද් භානුකටද කිසිඳු කණ්ඩායමක ස්ථානයක් හිමිව නොමැත.

මේ අතර විනය කඩකිරිමේ චෝදනා වලට ලක්ව දඬුවම් ලැබ සිටින කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින් තිදෙනා කණ්ඩායම් 2ක් විසින් තෝරා ගැනීමද කාගේත් අවධානයට ලක්ව තිබේ.

LPL ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් 5 වනදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest