LPL පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩකයින් තෝරාගැනීම පසුගියදා සිදුකෙරුණා.
නමුත් ජාත්‍යන්තර තරගවලදී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු කණ්ඩායම් සදහා ඇතුලත් කර නොමැති වීම ක්‍රීඩා විචාරකයින් සහ ප්‍රේක්ෂකයින් අතර දැඩි ලෙස කතා බහට ලක්වූ කරුණක්.
මේ පිලිබඳ අවධානය යොමුකරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අදාළ කණ්ඩායම වෙත දැනුම් දී ඇත්තේ ඔවුන්ගේ ක්‍රීඩක සංචිතය ක්‍රීඩකයින් 22නෙකු දක්වා ඉහල දැමිය හැකි බවයි.
ඒ අනුව එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් දෙදෙනෙකු බැගින් ඇතුළත් කර ගත හැකියි.
එලෙස තෝරාගත හැකි ක්‍රීඩකයින් 10 දෙනෙකුගේ නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.
- ඇන්ජලෝ මැතිව්ස්
- දිනේෂ් චන්දිමාල්
- කුසල් ජනිත් පෙරේරා
- ධනංජය ද සිල්වා
- අකිල ධනංජය
- ප්‍රවීන් ජයවික්‍රම
- මිනොද් භානුක
- සධිර සමරවික්‍රම
- අශාන් ප්‍රියන්ජන
- ශ්‍රිරාන් ප්‍රනාන්දු