fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

LPL 2021 UPDATES | දඹුල්ලට සහ කොළඹට ජය

2021 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ(6) පැවති තරගයකින් නුවර කණ්ඩායමට එරෙහිව ලකුණු 20ක ජයක් ලබාගැනීමට දඹුල්ල කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම කඩුලු 7ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 190ක්.

පීල් සෝල්ට් ලකුණු 64යි.

පන්දුයැවීමේදී ලහිරු කුමාර කඩුලු 3ක් දවාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැන්ඩි කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කර ගැනීමට හැකිවුයේ ලකුණු 170ක් පමණයි.

නුවන් ප්‍රදීප් සහ රමේෂ් මෙන්ඩිස් අතරේ කඩුලු තුන බැගින් බෙදී ගියා.

මේ අතර කොළඹ කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර පැවති තරගය කඩුලු 4කින් ජයගැනීමට කොළඹ කණ්ඩායම සමත්වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 116ක් රැස්කළා.

එම ඉලක්කය පන්දුවාර 17 යි පන්දු තුනකදී කඩුලු 6ක් පමණක් දැවී පසුකර යෑමට කොළඹ කණ්ඩායමට හැකිවුණා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest