මෙවර LPL තරගාවලියේ තවත් තරඟ 2ක් ඊයේ (07) පැවැත්වුණා
දඹුල්ල ජයන්ට් (Dambulla Giants) සහ ජැෆ්නා කිංග්ස් (Jaffna Kings) අතර පැවති පළමු තරඟයෙන් කඩුලු 8ක ජයක් අත්කර ගැනීමට ජැෆ්නා කිංග්ස් (Jaffna Kings) කණ්ඩායම සමත්වුණා
පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම ලකුණු 110කට සීමාකිරීමට ජැෆ්නා කිංග්ස් පන්දුයවන්නන් සමත්වුණා
ඒ අනුව ජැෆ්නා කිංග්ස් කණ්ඩායම කදුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය හඹා ගියා.
ඊයේ (07) රාත්‍රියේ පැවති තරගයෙන් තියුණු ජයක් හිමිකර ගැනීමට ගෝල්ග්ලැඩියේටර්ස් (Galle Gladiators) කණ්ඩායම සමත් වුණා.
ඒ කැන්ඩි වොරියර්ස් (Kandy Warriors) කණ්ඩායම කඩුලු 4 කින් පරාජයට පත්කරමින්.
තරගයේ කාසියේ වාසිය දිනාගත් කැන්ඩි වොරියර්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.
ඒ අනුව පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ඔවුන් රැස් කළ ලකුණු සංඛ්‍යාව 145ක්.
ලකුණු 144 ක ඉලක්කයක් සහිතව පිළිතුරු ඉණිම ආරම්භ කළ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම තරගයේ අවසන් පන්දු ඕවරයේ පන්දු 4ක් ඉතිරිව තිබියදී කඩුලු 6ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකළා.
ධනුෂ්ක ගුණතිලක ලකුණු 45ක් සහ භානුක රාජපක්ෂ, ළහිරු මදුෂන්ක ලකුණු 22 බැගින් ලබාගත්තා.
LPL තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා.
කලම්බු ස්ටාර්ස් සහ දඹුල්ල ජයන්ට්ස් අතර තරගය පස්වරු 5ට ආරම්භ වන අතර ජැග්නා කිංග්ස් සහ කැන්ඩි වොරියර්ස් අතර තරගය රාත්‍රි 7:50 ට ආරම්භ වීමට නියමිතයි.