ලංකා ප්රිමියර් ලීග් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් සහ දඹුල්ල ජයන්ට්ස් අතර තරගය ජය ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට ඊයේ(13) හැකියාව ලැබුණා.
ජැෆ්නා කිංග්ස් ක්රීඩකයින් මෙම තරගය ජය ගත්තේ කඩුලු 07කින්.
ඒ අනුව දඹුල්ල ජයන්ට්ස් ඉනිම පන්දුවාර 14යි එක් පන්දුවක් තුළ ලකුණු 69කට සිමා වුණා.
ලකුණු 70ක පහසු ඉලක්කයක් හඹා ගිය ජැෆ්නා කිංග්ස් ක්රීඩකයින් පන්දුවාර 09යි පන්දු 02ක් තුළ අදාල ඉලක්කය පසුකර ගියා.
මෙම ජයග්රහණයත් සමඟ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම තමන් සහභාගී වූ තරග 06න් තරග 05ක් ජයගෙන ප්රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවනවා.