ව්‍යාජ QR කේතයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට අමාත්‍යාංශය තීරණය කරයි
ව්‍යාජ QR කේත භාවිතා කර ඉන්ධන මිලදී ගන්නා පුද්ගලයින්ට දැඩි දඩුවම් හිමිවන බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
අමාත්‍යාංශයට අනුව, වංචනික QR කේත භාවිතා කරමින් ජනතාව ඉන්ධන මිලදී ගැනීමට උත්සාහ කළ අවස්ථා ඕනෑ තරම් තිබෙනවා.
තවද, එවැනි QR කේත හඳුනාගැනීම සඳහා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සමඟ සමීපව එක්ව විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.