වඳුරු උණ සම්බන්ධයෙන් ඇමරිකාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි වඳුරු උණ සම්බන්ධයෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට ඇමෙරිකන් සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබේ.
ඇමෙරිකන් සෞඛ්‍ය බලධාරීන් මෙසේ තීරණය කළේ, රටේ ‘වඳුරු උණ’ ව්‍යාප්තිය ඉතා වේගයෙන් ඉහළ යමින් පවතින බැවිනි.
ඇමෙරිකන් වෛද්‍ය පර්යේෂකයන්ට අනුව, වඳුරු ව්‍යාප්තිය සිදුවන්නේ පිරිමින් අතරේ සමලිංගික ඇසුරිනි. ‘වඳුරු උණ’ සම්බන්ධයෙන් ඇමෙරිකන් සෞඛ්‍ය බලධාරීන්, හදිසි තත්ත්වයක් ප්‍රකාශ කළේ එරට ආසාදිතයන් ගණන 6,600 පසු කර ඇති බැවිනි. තවමත් ඇමෙරිකාවෙන් ‘වඳුරු උණ’ මරණ කිසිවක් වාර්තා වී නැත.
ධවල මන්දිරය මැදිහත් වීමෙන්, ඇමෙරිකානුවන්ට ‘වඳුරු උණ’ සඳහා ‘ජිනියොස්’ නමැති එන්නත ලබා දීම සිදු කරයි. ‘වඳුරු උණ’ හෙවත් ‘වඳුරු පැපොල’ (මන්කි පොක්ස්) යනු පැපොල සහ වසූරිය පවුලට අයත් ඒ අතරමැද වයිරසයකි. ‘ජිනියොස්’ එන්නත නිපදවා ඇත්තේ පැපොල වයිරසය ආසාදනය වීම වැළැක්වීමටය. එය මේ වනවිට වැඩි දියුණු කර ඇමෙරිකානුවන්ට ලබා දීම සිදුවෙයි. තවත් රටවල් 75 කට වඩා වයිරසය ව්‍යාප්ත වීම සහ ආසාදිතයන් 18,000 ක් පමණ හමුවීමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය වශයෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. රටවල් 75 කට වඩා මෙම වයිරසය ව්‍යාප්ත වීම සහ ආසාදිතයන් 18,000 ක් පමණ හමුවීමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය වශයෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කොට ඇත.