ද්විත්ව පුරවැසිභාවය ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හැකි ඉක්මනින් ඉල්ලා අස්වන ලෙස ඉල්ලා තිබෙනවා.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ද්විත්ව පුරවැසිභාවය හිමි අයට මන්ත්‍රීවරුන් වීමට ඉඩක් නොමැති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් ප්‍රකාශ කර තිබෙනවා.
මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්, ධම්මානන්ද හිමියන් ප්‍රකාශ කළේ ද්විත්ව පුරවැසිභාවය ඇති මන්ත්‍රීවරුන් එවැනි තොරතුරු ජනතාවට හෙළිදරව් කර වහාම පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්විය යුතු බවයි.