fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

පාසැල් පවත්වන දින ගණන

මෙම 21 වැනි දින පාසල් ආරම්භ කිරීමට නියමිතව පැවතිය ද රට තුළ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ එය ජූලි මස 25 වැනි දින සඳුදා තෙක් කල් දැමුණා.

ඒ අනුව එළඹෙන ජූලි මස 25 වැනි දින යළි යථාවත් පරිදි ඇරඹීමට නියමිත 2022 පාසල් වර්ෂය සඳහා සියලුම පාසල්වල දෛනික පරිපාලන කටයුතු හා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි පවත්වා ගැනීම සම්බන්ධයෙන් නිවේදනයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.

එහිදී එළඹෙන සඳුදා (25) සිට නැවත දැනුම්දෙන තුරු සතියේ සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දින 3 පමණක් සාමාන්‍ය වේලාවන්හීදි පාසල් පැවැත්විය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest