මේ සතියේ ඉන්ධන මිල සංශෝධනයක් සිදු නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා තහවුරු කරයි.
අද (03) ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ මිල අඩුවීමක් අපේක්ෂාවෙන් අලෙවි නියෝජිතයින් විසින් ඇණවුම් ලබා නොදීම ඉන්ධන පිරවුම්හල් සිඳී යාමට හේතු වී ඇති බවයි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සහ ලංකා ඉන්දියා තෙල් සමාගම (LIOC) යන දෙකෙහිම NFP විසින් සහතික කර ඇති අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රමාණවත් තොග ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
තම අවශ්‍යතා සඳහා ඇනවුම් කරන ලෙසද අමාත්‍ය කාංචන විජේසේකර මහතා අලෙවි නියෝජිතයින්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.