පැතුම් කර්නර්ට ඇප නියම විය
සමාජ මාධ්‍ය ක්‍රියාකාරික පැතුම් කර්නර්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප නියම කර තිබෙනවා.
පැතුම් කර්නර් හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා අද දින උසාවියට ඉදිරිපත් කර තිබූ අතර, නඩුවේ සාක්ෂිකරුවෙකු වන යුද හමුදා සෙබළෙකු විසින් ඔහු හඳුනාගෙන ඇති බව වාර්තා වේ.
පැතුම් කර්නර් බ්‍රහස්පතින්දා (28) අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහු කොළඹ අපරාධ කොට්ඨාශයට භාරවීමෙන් අනතුරුවය.
පැතුම් කර්නර් අත්අඩංගුවට ගෙන ඇත්තේ බත්තරමුල්ල පොල්දූව හන්දියේ නොසන්සුන්කාරී සිද්ධීන් ඇති වූ විරෝධතාවයට සම්බන්ධ බවයි පොලිසිය පැවසුවේ.