කුකුළු මස් කිලෝග්රෑමයක මිල රුපියල් 250 ත් 300 ත් අතර මිලකින් අඩු වී තිබෙන බව, ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ කැඳවුම්කරු සුජීව ධම්මික මහතා සඳහන් කළේ, එළඹෙන උත්සවය සමයේ කුකුළු මස් ඉල්ලුම ඉහළ යාම පිළිබඳ අවධානය යොමු කරමින් මෙම පියවර ගත් බවත්, ඒ අනුව, කුකුළු මස් කිලෝග්රෑමයක මිල රුපියල් 1080ක් දක්වා අඩු කිරිමට පියවර ගන්නා බවත් ය.