බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස සාමාන්‍ය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සුළගේ වේගය පැ.කි.මී.20-30 පමණ විය හැකි අතර, දිවයින වටා වන මුහුදු ප්‍රදේශ තරමක් හෝ මධ්‍යස්ථ වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව තද සුළං සහ ඉතා රළු මුහුදු ප්‍රදේශ අපේක්ෂා කළ හැක.