ශ්‍රී ලංකාව පුරා ප්‍රදේශ කිහිපයකට අද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඌව, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි.
අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී බස්නාහිර, වයඹ, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ අතර, මන්නාරම සිට කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැක.
සුළං ඊසාන දෙසින් හෝ විචල්‍ය දිශාවෙන් හමන අතර වේගය පැ.කි.මී. 20-30 පමණ වේ.
එබැවින් දිවයින වටා වන මුහුදු ප්‍රදේශ රළු නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.