දෙසැම්බර් 17 සෙනසුරාදා සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.
අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සාමාන්‍ය ජනතාවට දැනුම් දෙනු ලැබේ.
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අද අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එය තවදුරටත් තීව්ර වෙමින් නිරිත දිග බෙංගාල බොක්ක දෙසට බටහිර දෙසට ගමන් කිරීමට ඉඩ ඇත.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි අනාවැකි පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.
මේ අතර ත්‍රිකුණාමලය සිට මඩකලපුව සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ. පොතුවිල් සිට හම්බන්තොට දක්වා සහ කන්කසන්තුරේ සිට මන්නාරම හරහා හලාවත දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී.40-50 දක්වා වැඩි විය හැක.
පොතුවිල් සිට හම්බන්තොට දක්වා සහ කන්කසන්තුරේ සිට මන්නාරම හරහා හලාවත දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ රළු වේ.