බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස රිෂි සුනක් පත් පත් කර තිබෙන අතර, ඉන්පසු තුන්වන චාල්ස් රජු මුණගැසීමෙන් අනතුරුව බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලන්ඩනයේ ඩවුනින් වීදියේ පිහිටා ඇති අංක 10 දරණ අග්‍රාමාත්‍ය නිල නිවසේ සිට සිය පළමු නිල නිවේදනය නිකුත් කර තිබෙනවා.
42 හැවිරිදි රිෂි සුනක් වසර 200කට පසු බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වන ලාබාලතම පුද්ගලයා ලෙස සැලකෙනවා.