නාගරික සංවර්ධන අධිකාරිය (UDA) විසින් ඉදිකරන ලද මහල් නිවාස ඩොලර්වලට ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන්ට විකිණීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ මෙම මහල් නිවාස තුන අමෙරිකානු ඩොලර් 143,700ක මුදලකට අලෙවි කර තිබේ.
මෙම මහල් නිවාස නාගරික සංවර්ධන අධිකාරිය විසින් පන්නිපිටිය, කොට්ටාව සහ මාලඹේ ප්‍රදේශවල ඉදිකරන ලද වියත්පුර නිවාස යෝජනා ක්රමයේ කොටසකි.
නාගරික සංවර්ධන අධිකාරිය මගින් මධ්‍යම ආදායම්ලාභී පවුල් සඳහා ඉදිකරන ලද මහල් නිවාස සංකීර්ණයේ තවත් නිවාස 10ක් මිලදී ගැනීම සඳහා දැනටමත් අයදුම්පත් ඉදිරිපත් කර ඇත.
මෙම අයදුම්පත් ඉදිරිපත් කර ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බ්‍රිතාන්‍යය සහ බංග්ලාදේශය යන රටවල සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් විසිනි.