ලුණුගම්වෙහෙර පඩව්ගම ප්රදේශයේ නිවසක සිය දරුවන් සමග රාත්රී ආහාර ගනිමින් සිටි 34 හැවිරිදි දෙදරු පියකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එ. ඩී. තිළිණ ප්රසාද් නැමැති ලුණුගම්වෙහෙර ප්රාදේශීය ලේකම් කාර්යාලයේ බහුකාර්ය සේවයේ නියුතු පුද්ගලයෙකි.
ලුණුගම්වෙහෙර ප්රදේශයේ සොරකම් සහ ඝාතන රැසකට සම්බන්ධ පුද්ගලයකු මෙම වැඩ තැබීම සිදුකර ඇති බවට තොරතුරු ලැබි ඇතැයි ද ඝාතකයා සමග ඔහුගේ පියා සහ සහෝදරයකු පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ලුණුගම්වෙහෙර පොලිසිය සඳහන් කළේය. විදුලිය විසන්ධි වී ඇති අවස්ථාව මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර එම අවස්ථාවේ මියගිය පුද්ගලයා දරුවන් දෙදෙනා සහ බිරිඳ සමග ආහාර ගනිමින් සිට ඇති බවත් පොලිසිය සදහන් කළේය. නිවසේ සීසීටීවී සවි කර තිබුණද විදුලිය විසන්ධි වී ඇති අවස්ථාවේ එම කැමරා ක්රියාවිරහිතව ඇති බවද පොලිසිය සඳහන් කළේය. බෝර 12 ගිනි අවියකින් වෙඩි තැබීම සිදු කරන්නට ඇතැයි සැක පළ කරන බවත් මියගිය පුද්ගලයාගේ පපුව ප්රදේශයට බරපතළ තුවාල සිදුව ඇති බවත් පොලිසිය සඳහන් කළේය.
මෙම වෙඩි තැබීම සඳහා පැමිණි තිදෙනාගෙන් ප්රධාන සැකකරුගේ පියා මේ වන විට ලුණුගම්වෙහෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.