fbpx

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

ගාලු මුවදොර ක්‍රියාකාරීන් හය දෙනෙකුට විදෙස් ගමන් තහනමක්

කොළඹ ගාලු මුවදොර පැවති ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයේ නිරත ක්‍රියාකාරීන් හය දෙනෙකුට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.

ක්‍රියාකාරීන් හයදෙනාට විදෙස් ගමන් තහනම් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්, කතෝලික පූජක ජීවන්ත පීරිස් පියතුමා, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ‘වෙනසකට තාරුණ්‍යය’ සංවිධානයේ ජාතික සංවිධායක ලහිරු වීරසේකර සහ එරංග ගුණසේකර යන මහත්වරු ක්‍රියාකාරීන් අතර වෙති.

ජූනි මස 9 සහ 10 යන දිනවල කොළඹ කොටුවේ සහ තලංගම ප්‍රදේශයේ පැවති පෙළපාලිවලදී නොසන්සුන්කාරී සහ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් විරෝධතාකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා ජුනි 17 වැනිදා පොලිසියට නියෝග කළේය.

සාපරාධී බලහත්කාරය, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, නීතිවිරෝධී ලෙස රැස්වීම්, තුවාල සිදුකිරීම, පොදු දේපළවලට අලාභ හානි සිදුකිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest