මාලඹේ තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යලය (SLIIT) මහපොළ භාරකාර අරමුදල යටතට වහා පත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා විසින් ගොනුකර තිබෙන පෙත්සම අගවිනිසුරුවරයා නොමැති විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලීමට මාර්තු මස 21 වනදා කැදවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට නියම කර තිබෙනවා.
ඒ එම පෙත්සම අද (01) අගවිනිසුරු ජයන්ත ජයන්ත ජයසූරිය,එල්.ටී.බී. දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් ඉදිරියේ කැදවනු ලැබූ අවස්ථාවේදීයි.
අගවිනිසුරුවරයා මහපොළ භාරකාර මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන බැවින් පෙත්සම තමා නොමැති විනිසුරු මඩුල්ලක් හමුවේ එලෙස විභාග කිරීමට ජයන්ත ජයසූරිය මහතා නියම කර තිබෙනවා.
SLIIT පෙත්සමේ වගඋත්තර කරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් පිරිසක්, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ගැරන්ට් සමාගම, අල්ලස් කොමිසම පොලිස්පතිවරයා ඇතුළු 43දෙනෙකු නම් කර තිබෙනවා.
පෙත්සම ගොනුකළ විජයදාස රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ මාලඹේ තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලය මහපොළ භාරකාර අරමුදලේ ප්‍රතිපාදන මත ස්ථාපිත කෙරුණු බවයි.
ඒ අනුව අදාල තොරතුරු තාක්ෂණ විද්‍යාලය ආරම්භ කිරීම සඳහා මහපොළ අරමුදලට අයත් මුදල්වලින් අක්කර 25ක ඉඩමක් මිලදී ගත් බව පෙන්වාදෙන විජයදාස රාජපක්ෂ මහතා හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පාලන සමයේ ඊට රුපියල් මිලියන 500ක මුදලක් රජයෙන් ලබා දුන් බවත් පවසනවා.