fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

“පාකිස්ථාන යුද නැව සමඟ අභ්‍යාස කිරීම ‘යුද්ධ ක්‍රීඩාවක්’ නොවෙයි” – ශ්‍රී ලංකා නාවික හමුදාව

පාකිස්ථාන යුද නැව සමඟ අභ්‍යාස කිරීම සාමාන්‍ය නියැලීමක් මිස ‘යුද්ධ ක්‍රීඩාවක්’ නොවන බව ශ්‍රී ලංකා නාවික හමුදාව පැහැදිලි කරයි

විධිමත් සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි පාකිස්ථාන නාවික හමුදාවට අයත් (PNS) Taimur නෞකාව හෙට (2022 අගෝස්තු 15 වන දින) දිවයිනෙන් පිටත්ව යන විට SLNS Sindurala සමඟ කොළඹට ඔබ්බෙන් වූ මුහුදේදී ගමන් අභ්‍යාසයක් පැවැත්වීමට නියමිතය.

මේ පසුබිම තුළ ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පාකිස්තාන නාවික හමුදාව අතර ‘යුද්ධ ක්‍රීඩාවක්’ ගැන පැතිර යන ඇතැම් මාධ්‍ය වාර්තා සාවද්‍ය ඒවා බව ශ්‍රී ලංකා නාවික හමුදාව පැහැදිලි කරයි

මේ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව මීට පෙර අවස්ථා ගණනාවකදී ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, ජපානය, ජර්මනිය, එක්සත් රාජධානිය, රුසියාව සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල නාවික හමුදා සමඟ මෙවැනිම අභ්‍යාස සිදු කර තිබෙනවා.

කලාපීය සහ බාහිර කලාපීය නාවික හමුදාවන් සමඟ සමාන නාවික අභ්‍යාස පැවැත්වීම තුළින් සෑම හවුල්කරුවෙකුටම අනාගතයේ දී පොදු සමුද්‍රීය අභියෝග ජය ගැනීමට හැකි වනු ඇත. මීට අමතරව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ස්වකීය සමුද්‍ර මෙහෙයුම් සඳහා ද එවැනි කටයුතු ඉතා වැදගත් වනු ඇත.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest