පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව පළමු පැරා ක්‍රීඩා පදක්කම දිනා ගනී
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට පැරා මලල ක්‍රීඩක පාලිත බණ්ඩාර සමත් වූ අතර, එහි දුර මීටර් 44.20 කි.
බණ්ඩාර, පිරිමි කවපෙත්ත විසිකිරීම, එෆ්42-44/61-64 කාණ්ඩයේ රිදී පදක්කම දිනාගත්තේය.
ඇලඩ් ඩේවිස් රන් පදක්කම දිනාගත් අතර හැරිසන් වොල්ෂ් ලෝකඩ පදක්කම දිනා ගත්තේය.
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළකායට අනුයුක්ත යුද හමුදා කෝප්රල්වරයකු වන බණ්ඩාර, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී පැරා ක්‍රීඩා ඉසව්වෙන් පදක්කමක් දිනූ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වෙයි.