දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සහ ආනයනික කිරිපිටි මත රට යැපීම අවම කිරීම සඳහා ජාතික කිරි සංවර්ධන මණ්ඩලයේ බහුවිධ කණ්ඩායම සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නියෝජිතයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර තිබෙනවා.
මේ පිළිබඳ මූලික සාකච්ඡාවක් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් 5 වැනි සඳුදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාවේ ජාතික කිරි සංවර්ධන මණ්ඩලය (NDDB) සහ ඉන්දීය අමුල් කිරි සමාගම ශ්‍රී ලංකාවේ දියර කිරි නිෂ්පාදනය සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමට පියවර ගෙන ඇත.
දේශීය කිරි නිෂ්පාදනය දෙගුණ කිරීම සඳහා කෙටි හා මධ්‍ය කාලීන සැලසුම් ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න සහ දීර්ඝ කාලීනව ශ්‍රී ලංකාව කිරි ස්වයංපෝෂිත කිරීම සඳහා සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.