fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

ආරක්ෂක අංශයට යළි නොතීසි නිකුත් කරන්නැයි අධිකරණයෙන් නියෝග

ආරක්ෂක ලේකම්වරයාට, සියඹලාණ්ඩුව දිස්ත්‍රික් ලේකම්වරයාට සහ ඇතිමලේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට යළි නොතීසි නිකුත් කරන ලෙස අභියාචනාධිකරණය අද (02) නියෝග කළේය.

කැබිලිත්ත රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වී ගස් කිහිපයක් කැපීමේ නිරත වූ පුද්ගලයින් පිරිසක් සම්බන්ධයෙන් ගොනු කර තිබූ පෙත්සම් සම්බන්ධයෙන් මීට පෙර නොතීසි නිකුත් කර තිබුණා.

පරිසර ක්‍රියාකාරීන් විසින් ගොනු කර ඇති මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස ආරක්ෂක ලේකම්, සියඹලාණ්ඩුව දිස්ත්‍රික් ලේකම්වරයා සහ ඇතිමලේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා නම් කර තිබෙනවා.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් සළකා බැලීය.

කෙසේ වෙතත්, වගඋත්තරකරුවන් සහ ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මෙම නඩුවේ කටයුතු සඳහා අධිකරණයේ පෙනී සිට නොතිබුණි.

ඒ අනුව වගඋත්තරකරුවන්ට යළි නොතීසි යවන ලෙස අධිකරණය පෙත්සම්කරුවන්ට දැනුම් දුන්නේය.

මෙම පෙත්සම් 2022 නොවැම්බර් 14 වැනි දින විභාගයට ගැනීමට ද අධිකරණය නියම කළේය.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest