ශ්‍රී ලංකාව දේශීයව නිෂ්පාදනය කරන රබර් ද්‍රව්‍ය වර්ග සඳහා ආනයන පාලනයක් හඳුන්වා දෙන බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය අද (26) නිවේදනය කළේය.
ශ්‍රී ලංකාවට අධික ලෙස රබර් ආනයනය කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වැවිලි අමාත්‍යාංශයේ ලේකම් බී.අයි.ඒ.ජේ ධර්මකීර්ති මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් අමාත්‍යාංශ කමිටුවක් විසින් සකස් කරන ලද වාර්තාවකට අනුව මෙම පියවර ගෙන තිබෙනවා.
දේශීය රබර් වගාවන් සුරැකීම අරමුණු කරගත් කෙටි කාලීන සහ දීර්ඝ කාලීන නිර්දේශ ඇතුළත් වාර්තාවට අද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වෙත භාරදී තිබෙනවා.
රබර් ආනයනය කිරීම සඳහා ආයෝජන මණ්ඩලය විසින් කර්මාන්ත ශාලා සඳහා නිකුත් කරන බලපත්‍ර දිනපතා හෝ සතිපතා වැවිලි අමාත්‍යාංශයට ඉදිරිපත් කිරීම ද එම නිර්දේශවලට ඇතුළත් ය.
තවද, එම ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම සඳහා පොල් සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් නම් කරන ලද රාජ්‍ය නිලධාරියෙකු පත් කිරීමට නියමිතය.