fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

ජනපති ශ්‍රී ලංකාවට ඉල්ලූ අලුත්ම විශ්වවිද්‍යාලය

 

දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පැවසුවේ, අද පිලිපීනයේ මැනිලා නුවරදී ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපතිවරයා සමඟ පැවති හමුවකදී මෙම යෝජනාව ඉදිරිපත් කළ බවයි.

ජනාධිපතිවරයා අද පිලිපීනයේ ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදී ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසට්සුගු අසකාවා මහතා හමුවිය.

ආසියානු සංවර්ධන බැංකුවේ සහය ඇතිව දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර තිබෙනවා.

පසුගිය කාලයේ ශ්‍රී ලංකාවට ලබාදුන් මූල්‍ය ආධාර වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව වෙත සිය කෘතඥතාව පළ කළ ජනාධිපතිතුමා ජාතිය සහ බැංකුව අතර සබඳතා ඉදිරියේදී තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව සාකච්ඡා කළේය.

ජනාධිපතිවරයාට ප්‍රතිචාර දක්වමින්, ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසට්සුගු අසකාවා ශ්‍රී ලංකාව සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහය අඛණ්ඩව ලබාදෙන බවට ප්‍රතිඥා දුන්නේය.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest