fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

අතුරුදන් වූ පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසුවා දින 10කට පසු යළි එයි

දින 10කින් අතුරුදන්ව සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුවෙකු යළි පැමිණ තිබේ.

එම විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මාධ්‍ය වෙත කියා සිටියේ මෙම සිසුවා බදාදා (12) විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතුවලට සහභාගී වූ බවයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලබන මෙම සිසුවා ඔක්තෝම්බර් මස 02 වනදා සිට ඔහුගේ නේවාසිකාගාරයෙන් අතුරුදන්ව සිටි බව වාර්තා වේ.

මෙම තරුණයා ලිපියක් දමා නේවාසිකාගාරයෙන් පිටව ගොස් ඇති අතර, ඉන් අනතුරුව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා.

කඩවත, ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි මෙම පුද්ගලයා පසුගිය දින කිහිපය බදුල්ලේ ගත කළ අතර, එම අවස්ථාවේදී ඔහු තම මවට තම සුවදුක් දන්වා ඇති බව සඳහන්.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest