fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

ඔමික්‍රෝන් උප ප්‍රභේදය මාරාන්තිකයි

කොවිඩ් 19 ඔමික්‍රෝන් විකෘතියේ, උප ප්‍රභේදයක් ලෙස හඳුනාගෙන ඇති ‘බී.ඒ.5’ විකෘතිය වේගයෙන් බෝ වන බිහිසුණු විකෘතියක් බවත්, ‘බී.ඒ.5’ හෘද සෛලවලට හානි සිදු කරන බවත් පෘතුගාල වෛද්‍ය පර්යේෂකයෝ කියති.

‘බී.ඒ.5’ වයිරසය සම්බන්ධයෙන්, පෘතුගාල වෛද්‍ය පර්යේෂකයන් පුළුල් පර්යේෂණ කිහිපයක් සිදු කර ඇති අතර, ඔවුන් මේ වන අනාවරණය කරගෙන ඇත්තේ ඒ අනුවය. පෘතුගාලයෙන් වාර්තා වන සමස්ත ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 5,337,121 කි. මරණ වාර්තා වන්නේ 24,587 ක් ලෙසය. සුවය ලැබූ ගණන 4,237,853 කි.

මේ වනවිට ලොව නන්දෙසින්‘ කොවිඩ් 19 ආසාදිතයන්ගේ වැඩිවීමක් පෙන්නුම් කර ඇත්තේ ද ‘ඔමික්‍රෝන්’ විකෘතියේ උප ප්‍රභේද හේතුවෙනි. උප ප්‍රභේද කීපයක් මේ වනවිට හඳුනා ගෙන ඇති අතර, එයින් බිහිසුණු උප ප්‍රභේදය ලෙස සැලකෙන්නේ ‘බී.ඒ.5’ ය. රෝහල් ගත කෙරෙන ආසාදිතයන් ගණන ඉහළ යමින් පවතින්නේත්, වැඩි වැඩියෙන් මරණ වාර්තා වීමට පටන්ගෙන ඇත්තේත් ‘බී.ඒ.5’ උප විකෘතියේ බලපෑම නිසා යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ද අනතුරු අඟවා තිබේ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest