fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

එංගලන්තයේ හොර රැකියා කඩ තුනක් මාට්ටු

එංගලන්තයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා ලබා දෙන බව පවසමින් කොළඹ තරු පංතියේ හෝටලයේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය අත්අඩංගුවට ගෙන තිබේ.

වැටලීම සිදුකරන අවස්ථාවේදී එම ස්ථානයේ තිබී රුපියල් ලක්ෂ 3ක මුදලක්, විදේශ රැකියා අයදුම්පත් හා රිසිට් පොත් දෙකක්ද විමර්ශන නිලධාරීන් භාරයට ගත් බවත් අත්අඩංගුවට ගත් සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 3 ක් මත මුදාහරි බවත් එම කාර්යාංශය සඳහන් කරයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබුණු තොරතුරක් අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ සරත් විමලවීර, රවීන්ද්‍ර අබේපාල, වසන්ත ඒකනායක, මධුශාන් විජේවර්ධන සහ ගයේෂා සුභාෂිනි යන විමර්ශන නිලධාරීන් එම ස්ථානය වැටලූ බවත් ව්‍යාජ රැකියා නියෝජිතායතනයක නමින් මෙම සම්මුඛ පරික්ෂණ පවත්වමින් සිටි බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest