fbpx

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

ජනපති IMF ප්‍රධානියා හමුවෙයි

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂ Kristalina Georgieva මහත්මිය සමඟ ණය කළමනාකරණය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.

ජනාධිපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ දිනූක් කොළඹගේ මහතා පැවසුවේ, ඊජිප්තුවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ COP27 දේශගුණික විපර්යාස සමුළුවට සමගාමීව ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේ නිරත වූ බවයි.

ඝානා මුදල් අමාත්‍ය Ken Ofori-Atta සහ මාලදිවයිනේ කථානායක Mohamed Nasheed යන මහත්වරු ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

2022 මැයි මාසයේදී මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් විදේශ ජාතීන්ගෙන් ජාතියට සහන ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සම්බන්ධීකරණය කිරීමට සහ සහාය වීමට පත් කරන ලදී.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම සිදු කර තිබෙනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest