ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්රය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද කමිටු වාර්තාව සඳහා ජාතික ප්‍රතිපත්ති අනුකමිටු යෝජනා දෙසැම්බර් 8 වැනිදා ජාතික සභාවට ඉදිරිපත් කරන බව නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
කෙටි, මධ්‍ය කාලීන සහ දිගුකාලීන ජාතික ප්‍රතිපත්ති සැකසීමේ ප්‍රමුඛතා හඳුනාගැනීමේ ජාතික සභා අනුකමිටුව ඔහුගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී රාජපක්ෂ මහතා මේ බව අනාවරණය කළේය.
මෙම වාර්තාවට කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර ජාතික ප්‍රතිපත්ති අනුකමිටුවේ යෝජනා ලබා ගැනීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා විසින් එය නාමල් රාජපක්ෂ මහතා වෙත ඊයේ, නොවැම්බර් 29 වන දින භාරදී ඇති බව පුවත් වාර්තා කරයි.
මීට අමතරව, දිනෙන් දින ඉහළ යන විදුලි ඉල්ලුමට සරිලන ලෙස ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් විදුලිය ඇනහිටීම්, අධික ලෙස විදුලි ගාස්තු ඉහළ දැමීම ඇතුළු ශ්‍රී ලංකාවේ විදුලි ක්ෂේත්රය මුහුණ දෙන ගැටලු රැසකට විසඳුම් ඇතුළත් නිර්දේශ මෙම වාර්තාවට ඇතුළත් වේ.
තවද ඉහත වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව තම අදහස් සහ යෝජනා ජාතික සභාවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.