පොලිස් වෙඩි තැබීමකින් 15 හැවිරිදි පිරිමි ළමයෙකු තුවාල ලැබීමත් සමඟ මාතර තිහගොඩ පොලිස් ස්ථානයේ නොසන්සුන්කාරී තත්ත්වයක් වාර්තා වී ඇත.
පොලීසිය පැවසුවේ, 15 හැවිරිදි පිරිමි ළමයාට තුවාල සිදු කරමින් පොලිස් නිලධාරියෙකු අත්වැරදීමකින් වෙඩි තබා ඇති බවයි. පොලිසිය විසින් එම නිලධාරියා අත්අඩංගුවට ගෙන නැවත දැනුම් දෙන තුරු වැඩ තහනම් කර ඇත. තිහගොඩ පොලිසියේ 55 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයෙකු අරගලයක් අතරතුර අත්වැරදීමකින් වෙඩි තබා ඇති අතර එහිදී ත්රිරෝද රථයක් තුළදී 15 හැවිරිදි පිරිමි ළමයා තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.