මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
මිනුවන්ගොඩ පොල්වත්ත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) සෙබළුන් සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකදී සැකකරුවන් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කළේය.
මියගොස් ඇත්තේ දැනට විදේශගතව සැඟවී සිටින සංවිධානාත්මක අපරාධ කල්ලියක් වන ඌරගහ ඉන්දිකගේ ගෝලයන් බව හඳුනාගෙන ඇත.
මෙම සැකකරුවන් දෙදෙනා මනුෂ්‍ය ඝාතන රැසක් ඇතුළු අපරාධ රැසකට අවශ්‍යව සිටි පුද්ගලයන් බව පොලිසිය අනාවරණය කළේය.
මේ අතර වෙඩි හුවමාරුවේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබලෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.