fbpx

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් දෙදෙනෙකු පත් කෙරේ

ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් දෙදෙනෙකු පත් කෙරේ

මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර සහ ක්ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් ලෙස පත් කර තිබෙනවා.

ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මෙම පත්කිරීම් සිදු කර තිබෙනවා.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක (මාධ්‍ය) ලෙස මහාචාර්ය මද්දුම බණ්ඩාර සහ ජනාධිපතිගේ ජාත්‍යන්තර මාධ්‍ය පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශිකාව ලෙස සෙනෙවිරත්න මහත්මිය පසුගියදා සිය රාජකාරි ආරම්භ කළා.

කැලණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයකු වන මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ප්‍රධානී සහ සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති තනතුරු ද හොබවා තිබෙනවා.

ඔහු ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ද ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද කටයුතු කර ඇත. ඔහු ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ද විය.

සෙනෙවිරත්න මහත්මිය ශ්‍රී ලංකා විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක වන අතර විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරියකි. ඇය එක්සත් රාජධානියේ මහ කොමසාරිස්, තායිලන්තයේ තානාපති සහ ජිනීවා සහ නිව් යෝර්ක් යන රටවල එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතවරිය ලෙස කටයුතු කර තිබෙනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest