fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

යුක්රේන වැසියෝ බොරිස් ජොන්සන් ඉල්ලති

බ්‍රිතාන්‍ය ‘කොන්සවර්ටිව්’ පක්ෂ නායකත්වයෙන් ඉවත් වී අග්‍රාමාත්‍ය ධුරයෙන් ද සමුගන්නා බොරිස් ජොන්සන්ට යුක්රේනයේ පුරවැසිභාවය ලබා දෙමින්, ඔහුට යුක්රේනයේ අග්‍රාමාත්‍ය ධුරය පිරි නැමීමට යුක්රේන වැසියන් පෙත්සමකට අත්සන් කරන බව වාර්තා වේ.

මේ වනවිටත් එම පෙත්සමට අත්සන් 2,500 ක් ලැබී ඇතැයි ද පැවැසෙයි.

බොරිස් ජොන්සන් යුක්රේන වැසියන්ගේ ආදරයටත් ගෞරවයටත් පාත්‍ර වූ චරිතයකි. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස යුක්රේන රජයට මූල්‍ය ආධාර ලබා දීමටත්, යුක්රේන හමුදාවට අවි ආයුධ සහ පුහුණුව ලබා දීමටත් කටයුතු කළේ ජොන්සන්ය.

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට සහාය පළ කරමින් ජොන්සන් අවස්ථා දෙකකදී යුක්රේනයට පැමිණ යුක්රේන වැසියන්ගේ සුවදුක් විමසා බලා තිබේ. යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ බොරිස් ජොන්සන් අතරේ පවතින්නේ ද සමීප මිත්‍රත්වයකි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest