වවුනියාව බෝගස්වැව විද්‍යාලයේ සිසුන් 42 දෙනෙකු බඹර ප්‍රහාරයක් හේතුවෙන් අද (17) උදෑසන රෝහල් ගත කර තිබෙනවා.
පාසල් ගොඩනැගිල්ල අසල ගසක තිබූ බඹර කූඩුවක් කැළඹීමෙන් පසු මෙම බඹර ප්‍රහාරය එල්ල වී ඇති බව සිසුන්ගේ දෙමාපියන් පවසනවා.
බඹර ප්‍රහාරයට ලක්වූ සිසුන් වව්නියාව රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
පාසල් ගුරුවරුන්ගේ සහ දෙමාපියන්ගේ ද සහය ඇතිව වහාම පාසලෙන් ඉවත් කර, ළමුන් රැසක් බඹර ප්‍රහාරයෙන් බේරා ගැනීමට හැකි වූ බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ.