කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, මෙම පීඩන අවපාතය මධ්‍යගතව යාපනයට කිලෝමීටර් 410ක් පමණ උතුරු-ඊසාන දෙසින් නිරිත දෙසින් බටහිර මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින බවයි.
එමගින් එය බටහිර-වයඹ දෙසින් දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් සහ උතුරු තමිල්නාඩු – පුදුචෙරි වෙරළ දෙසට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.
ඉදිරි පැය 12 තුළදී අවපාතය ක්‍රමයෙන් දුර්වල වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එබැවින් අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
රටේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් සාධාරණ කාලගුණයක් පවතිනු ඇත.
කෙසේ වෙතත්, ඉදිරි පැය 24 තුළ කන්කසන්තුරේ සිට මුලතිව් සහ නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලට යාමේදී අවධානයෙන් පසුවන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.
කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සුළං වයඹ දෙසින් හෝ නිරිත දෙසින් හමන අතර වේගය පැ.කි.මී. 20-40 පමණ වේ.
කන්කසන්තුරේ සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා සහ කොළඹ සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ.