fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

පිටි මිල වැඩිවීම පාන් සහ බේකරි නිෂ්පාදනවලට බලපායිද?

 

තිරිඟු පිටි මිල ඉහළ ගියද පාන් හෝ බේකරි මිල ඉහළ දැමීමේ සූදානමක් නොමැති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මාධ්‍ය වෙත කියා සිටියේ, බේකරි නිෂ්පාදන සඳහා භාවිත කරන අමුද්‍රව්‍යවල මිල 400% කින් වර්ධනය වී ඇති බවයි.

බේකරිවලින් එකතු කළ අගය මත බද්ද අය කිරීම නතර කරන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.

ලබන සතියේ තිරිඟු පිටි මිල අඩුවන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ඊයේ (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ තිරිඟු පිටි කිලෝග්‍රෑමයක් රුපියල් 1000 නොඉක්මවිය යුතු බවයි.

ආනයනික තිරිඟු පිටි තොග මේ සතියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට පටන් ගන්නා බව අමාත්‍ය ප්‍රනාන්දු මහතා පවසනවා.

මේ වන විට කොළඹ වරායෙන් තිරිඟු පිටි කන්ටේනර් 100ක් පමණ ගොඩ බාමින් පවතින බව ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාව ඩුබායි සහ තුර්කිය යන රටවලින් තිරිඟු පිටි ආනයනය කරන බවත්, නැව්ගත කිරීම ප්‍රමාද වීම හේතුවෙන් තිරිඟු පිටි මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest